කැලණි විද්‍යාලය 2021 ජුනි මස 22 වන දින සිට ජාතික පාසලක්.

1953 වර්ෂයේ “කැලණි විද්යාලය” නමින් බෞද්ධ ඉංග්රීසි පාසලක් ලෙස ඇරඹි අප විද්යාලය කමල් ටී ඒබ්රාහම් වැල්ලබඩ විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කර දැනට වසර 68 කි.වසර 68 ක අභිමානවත් ඉතිහාසයක් සමගින් දිනෙන් දින දියුණු වන අපගේ පාසල් මාතාව සාඩම්බර දූ පුතුන් දහස් ගණනක් දැයට දායාද කර ඇත.
ජාතික පාසල් දහසක් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන යටතේ කැලණි විද්යාලය 2021 ජුනි මස 22 වන දින සිට ජාතික පාසලක් ලෙස නම් වූ අතර වර්තමාන විදුහල්පති ගාමිණී සුරවීර මහතාගේ නායකත්වයෙන් කැලණි මහා විද්යාලය(ජාතික පාසල) ලෙස කැලණි පුරවරයට අභිමානයක් එක් කරනු ඇත.

Leave a Reply